යෙසායා 6:5 - Sinhala Revised Old Version එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි. Sinhala New Revised Version එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.” Sinhala New Revised Version 2018 එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.” |
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය.
උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.
තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.
මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය.
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: බැලුව මැනව, ඉශ්‍රායෙල් පුත්‍රයෝ මට ඇහුම්කන් නුදුන්නෝය; එසේවීනම් ඵාරාවෝ අදක්ෂ තොල් ඇති මට කන්දෙන්නේ කෙසේදැයි කීවේය.
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: මම අදක්ෂ තොල් ඇති කෙනෙක් වෙමි, ඵාරාවෝ මට ඇහුම්කන්දෙන්නේ කොහොමදැයි කීවේය.
ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
ස්වකීය ශෝභනකමෙන් යුක්තවූ රජ්ජුරුවන් නුඹේ ඇසින් දකින්නෙහිය. විශාලවූ දේශයක් ඔව්හු දකින්නෝය.
මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි.
මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.
එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන, නුඹේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය.
මා කථාකර යාච්ඤාකරමින්ද, මාගේ පාපය සහ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපයත් කියාදෙමින්ද, මාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්ද උදෙසා මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ කන්නලව්ව ඔප්පු කරමින්ද සිටින අතර,
මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ට කථාකොට: මෙන්න, අපි විනාශවෙමුව, අපි නැතිවී සිටිමුව, අපි සියල්ලෝ නැතිවී සිටිමුව.
ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය.