Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:20 - Sinhala Revised Old Version

20 මා කථාකර යාච්ඤාකරමින්ද, මාගේ පාපය සහ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපයත් කියාදෙමින්ද, මාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්ද උදෙසා මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ කන්නලව්ව ඔප්පු කරමින්ද සිටින අතර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මම මෙසේ කතා කරමින් ද යාච්ඤා කරමින් ද මාගේ පාපයත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයත් ගැන පාපොච්චාරණය කරමින් ද මාගේ සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්ද උදෙසා උන් වහන්සේ ඉදිරියේ මාගේ කන්නලව්ව ඔප්පු කරමින් ද සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:20
24 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.


මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.


එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,


ස්වාමිනි, අනේ ඔබගේ සියලු ධර්මිෂ්ඨකම් ලෙස ඔබගේ උදහසත් කෝපයත් ඔබගේ ශුද්ධවූ කන්ද වන ඔබගේ නුවරවූ යෙරුසලමෙන් පහවේවා. මක්නිසාද අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා යෙරුසලම සහ ඔබගේ සෙනඟ අප වටකර සිටින සියල්ලන්ට නින්දාවක්වී තිබේ.


ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.


එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.


මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.


ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය.


තවද තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.


මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.


ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.


මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ දවස්වලදී දානියෙල් වන මම සති තුනක් මුළුල්ලේම වැලපෙමින් සිටියෙමි.


මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.


පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.


එස්රා අඬමින් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියේ වැටී ඉඳ යාච්ඤාකොට පව් කියා සිටියදී, ඉශ්‍රායෙල්වරුන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළමයින්ද ඉතා මහත් සමූහයක් ඔහු වෙතට රැස්වුණෝය. මක්නිසාද සෙනඟ බොහෝසෙයින්ම ඇඬුවෝය.


ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධවකළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.


ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.


ඔහු මාළිගා වැනිවූ තමාගේ කූඩාරම් මුහුදටත් අලංකාරවූ කන්දටත් අතරෙහි පිහිටුවා, පසුව තමාගේ අන්තිමයට පැමිණෙන්නේය, කිසිවෙක්ද ඔහුට උපකාර නොකරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්