Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 6:5 - Sinhala New Revised Version

5 එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 6:5
33 හුවමාරු යොමු  

එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි.


එහෙත් මෝසෙස් සමිඳාණන් වහන්සේට කීවේ, “බලන්න, මම කතාවෙහි දක්ෂයෙක් නොවෙමි, එසේ නම් පාරාවෝ මට සවන් දෙන්නේ කුමට දැ”යි කියා ය.


සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.


ඉන්පසු මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “මාගේ ස්වාමීනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමඟ කතා කළ පසු වේ වා, ඊට පෙර වේ වා, මම ව්‍යක්ත කථිකයෙක් නො වීමි. කීමෙහි බිණීමෙහි දුබල ය, දිව ගොතගහන සුලු ය”යි කී ය.


එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.


එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනයා මට සවන් දෙන්නේ නැත්නම්, කතාවෙහි චතුරත්වයක් නැති මට පාරාවෝ කෙසේ සවන් දෙන්නේ දැ”යි විචාළේ ය.


ගිඩියොන් දුටුවේ, සමිඳාණන් වහන්සේගේ දූතයා බව ඔහුට පෙනී ගිය විට, “මහෝත්තම දෙවි සමිඳාණන් වහන්ස, මම සමිඳාණන් වහන්සේගේ දූතයා මුහුණට මුහුණ ලා දිටිමි”යි කී ය.


නැවතත් උන් වහන්සේ කතා කොට, “මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක.


මානෝවා කතා කොට, “අප දෙවියන් වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසින්නෙමු”යි තම භාර්යාවට කීවේ ය.


මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි. ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය. මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය.


සියලු දිශාවල පැතිර ඇති දේශයක් කෙරෙහි තේජසින් පාලනය කරන රජ කෙනෙක් නුඹලාට නැවත දකින්න ලැබෙන්නේ ය.


මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය.


ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට කතා කොට, “ඔන්න, අපි විනාශයි, අපි ඉවරයි, අපි සියල්ලෝ ම නැතිනාස්ති වී ඉවරයි.


නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.


අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.


මම මෙසේ කතා කරමින් ද යාච්ඤා කරමින් ද මාගේ පාපයත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයත් ගැන පාපොච්චාරණය කරමින් ද මාගේ සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්ද උදෙසා උන් වහන්සේ ඉදිරියේ මාගේ කන්නලව්ව ඔප්පු කරමින් ද සිටියෙමි.


ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය.


තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.


මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.


පොළොවේ සීමාන්තවලින් ධර්මිෂ්ඨ දේශය වන ඉශ්රායෙල් සම්බන්ධයෙන් නඟන ප්‍රශංසා ගී අපට ඇසෙන්නේ ය. එහෙත්, මම කතා කොට, “මට බලාපොරොත්තුවක් නැත; මම ක්ෂය වෙමි; ද්‍රෝහියෝ මා පාවා දෙති. ඔවුන්ගේ ද්‍රෝහිකම දෙගුණ තෙගුණ වේ ය”යි කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්