ගීතාවලිය 24 - Sinhala Revised Old Versionතේජසේ රජ්ජුරුවෝ 1 පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය. 2 මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක. 3 ස්වාමීන්ගේ කන්දට නගින්නේ කවුද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද? 4 පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය. 5 ඔහු ස්වාමීන්ගෙන් ආශීර්වාදයක්ද තමාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ ගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය. 6 උන්වහන්සේ සොයන්නන්ගේ, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය. 7 ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක. 8 තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමීන්වහන්සේය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේය. 9 ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක. 10 මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමීන්වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේය. |
Ceylon Bible Society
Ceylon Bible Society