මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
මීකා 6:8 - Sinhala Revised Old Version එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? Sinhala New Revised Version එම්බා මනුෂ්‍යය! යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද? යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි. Sinhala New Revised Version 2018 එම්බා මනුෂ්‍යය! යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද? යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.
ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.
ඔහුගේ පියවූ මනස්සේ යටහත් වුණාක්මෙන් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් නොවීය; මක්නිසාද මෙම ආමොන් වඩ වඩා අපරාධකෙළේය.
මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් විරුද්ධව දෙවියන්වහන්සේ කියා තිබෙන වචන නුඹ ඇසූ විට නුඹේ සිත මොළොක්වී නුඹ උන්වහන්සේ ඉදිරියෙහි යටහත්වූ බැවිනුත්, නුඹ මා ඉදිරියෙහි යටහත්වී නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි ඇඬූ බැවිනුත්, මමත් නුඹට කන්දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කථාකර, හරිවූ විනිශ්චයන්ද සැබෑ ව්‍යවස්ථාවන්ද යහපත් පනත්ද ආඥාද ඔවුන්ට දුන්සේක.
සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය.
ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.
සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තියද ධර්මිෂ්ඨකමද කර, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න. විදේශියාටත් පියා නැත්තාටත් වැන්දඹුවටත් අයුත්තක්වත් බලාත්කාරයක්වත් මේ ස්ථානයෙහි නිදොස් වැගිරීමක්වත් නොකරල්ලා.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා.
මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී විට ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්,
දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.
එබැවින් නුඹ නුඹේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විනිශ්චයද පවත්වා, නුඹේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලාසිටින්න.
මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,
ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.
ස්වාමීන්වහන්සේගේ විනිශ්චය ඉෂ්ටකළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, උන්වහන්සේ සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න.
ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තායයි කීසේක.
ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය. එහෙත් නුඹලා විසින් ඒ දේත් නෑර මේ දේත් කටයුතුව තිබුණේය.
නුමුත් උන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා, නුඹලා කෙරෙහි විනිශ්චයකාරයෙකු නොහොත් බෙදන්නෙකු කොට මා පත්කළේ කවුදැයි ඔහුට කීසේක.
නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද?
මක්නිසාද, භාර්යාව, නුඹ නුඹේ පුරුෂයා ගළවන්නීදෝ නුඹ දන්නේ කොහොමද? නොහොත් පුරුෂය, නුඹ නුඹේ භාර්යාව ගළවන්නේදෝ නුඹ දන්නේ කොහොමද?
නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කීකරුව මා විසින් අද නුඹට අණකරන උන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන්නැයි කීවෝය.
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද,
එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.
අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.
ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.
සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.