ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.
ප්‍රේම ගී 5:15 - Sinhala Revised Old Version ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් හා සමානය, කිහිරිගස් මෙන් උතුම්ය. Sinhala New Revised Version ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු වැනි ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් කඳු මෙන් තේජාන්විත ය. කිහිරි ගස් මෙන් අසමසම ය. Sinhala New Revised Version 2018 ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු වැනි ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් කඳු මෙන් තේජාන්විත ය. කිහිරි ගස් මෙන් අසමසම ය. |
ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.
එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න.
පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න; මක්නිසාද නුඹේ හඬ මිහිරිය, නුඹේ මුහුණ ශෝභනයයි කීවේය.
මාගේ මනමාලිය, නුඹේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි. නුඹේ දිව යට මීපැණිත් කිරිත් තිබේ; නුඹේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන්ය.
නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.
ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදුව කිරිවලට වඩා සුදුව සිටියෝය, රතුකැටවලට වඩා ඔවුන්ගේ ශරීර රතුව තිබුණේය, ඔවුන්ගේ ඔපය නීලමාණික්‍යය මෙන් විය.
මම එය උස්වූ ඉශ්‍රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.
දෙවියන්වහන්සේගේ උයනේ කිහිරි ගස්වලට ඒක සැඟවී නොතිබුණේය. දේවදාර ගස් එහි අතුවලට සමාන නොවීය, අර්මොන් ගස් එහි රිකිලිවලට සමව නොතිබුණේය; දෙවියන්වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නොවීය.
ඔහුගේ සෙවණෙහි වසන්නෝ හැරී එන්නෝය; ඔව්හු ගොයම මෙන් නැවත ප්‍රාණවත්වී, මුද්‍රිකවැල මෙන් දළුදමන්නෝය. එහි සුවඳ ලෙබනොන්හි මුද්‍රිකපානය මෙන් වන්නේය.
එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.
උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය.
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.
එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත.