Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 17:23 - Sinhala Revised Old Version

23 මම එය උස්වූ ඉශ්‍රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:23
34 හුවමාරු යොමු  

ඒක සියලුම බීජවලට වඩා කුඩා නුමුත් වැඩුණු කල පළාගස්වලට වඩා මහත්ව, ආකාශ පක්ෂීන් ඇවිත් එහි අතුවල ලගින තරම් ගසක් වන්නේයයි කීසේක.


ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්තෝය, එහි රිකිලි යට වනයේ සියලු මෘගයෝ පැටවු ගැහුවෝය, එහි සෙවෙණෙහි සියලු මහත් ජාතීහුද වාසයකළෝය.


මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.


ඔහුගේ සෙවණෙහි වසන්නෝ හැරී එන්නෝය; ඔව්හු ගොයම මෙන් නැවත ප්‍රාණවත්වී, මුද්‍රිකවැල මෙන් දළුදමන්නෝය. එහි සුවඳ ලෙබනොන්හි මුද්‍රිකපානය මෙන් වන්නේය.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


සැබවක් සැබවක් නුඹලාට කියමි–ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි.


නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. මොවුන් සියල්ලෝම එකතුව නුඹ ළඟට එති. මා ජීවත්වෙනවා සැබෑවාසේම, නුඹ ඔවුන් සියල්ලන් සැබවින්ම ආභරණයක් මෙන් පැළඳගන්නවා ඇත, මනමාලියෙකු මෙන් ඔවුන් බැඳගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්‍රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.


ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.


වපුළායින් පසු එය වැඩී, සියලුම පලා ගස්වලට වඩා ලොකුවී, ඒකේ සෙවණෙහි ආකාශයේ පක්ෂීන්ට ලගින්ට පුළුවන් තරමට මහත් අතු විහිදන්නේයයි කීසේක.


එක් මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ වත්තේ දැමූ අබ ඇටයකට සමානය; ඒක වැඩී ගසක් විය; ආකාශයේ පක්ෂීහු එහි අතුවල ලැග්ගෝයයි කීසේක.


ඔබ මිසරයෙන් මිදිවැලක් ගෙනාසේක. ඔබ ජාතීන් එළවා එය රෝපණය කළසේක.


ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් හා සමානය, කිහිරිගස් මෙන් උතුම්ය.


ඔව්හු ඇවිත් සියොන්හි උස් ස්ථානය පිට ගී කියන්නෝය, ඔව්හු ධාන්‍යද මුද්‍රික යුසද තෙල්ද බැටළුපැටවුන්ද ගවවස්සන්ද නිසා ස්වාමීන්වහන්සේගේ යහපත්කම කරා එක්ව ගලාගන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද ජල සම්පන්න උයනක් මෙන් වන්නේය; ඔව්හු තවත් කිසිසේත් මලානික නොවන්නෝය.


නුමුත්, එම්බා ඉශ්‍රායෙල් කඳු, නුඹලා වනාහි නුඹලාගේ අතු ලියලවා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නුඹලාගේ ඵල දරාදෙනවා ඇත; ඔවුන් එන්ට ළඟය.


දෙවියන්වහන්සේගේ දර්ශනවලින් උන්වහන්සේ ඉශ්‍රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස්වූ කන්දක් උඩ මා සිටෙවුසේක; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.


එප්‍රායිම්ද: දේවරූපවලින් මට තවත් කම මොකදැයි කියනවා ඇත. මමම ඔහුට උත්තරදුනිමි, ඔහු සලකන්නෙමි. මම වනාහි කොළ නොවේලෙන දේවදාර ගසක් මෙන්ය; නුඹේ ඵල ලැබී තිබෙන්නේ මාගෙන්ය.


මක්නිසාද උස්වූ ඉශ්‍රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්‍රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම නුඹලාගේ පඬුරුද නුඹලා ඔප්පුකරන ප්‍රථම ඵලද නුඹලාගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.


අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි:


මායාකාරයන්ගේ ප්‍රධානියාවූ බේල්ටෙෂශර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන බවත් කිසි රහසක් විසඳීම නුඹට අමාරු නොවන බවත් දනිමි, එබැවින් මා දුටු ස්වප්නයේ දර්ශනද එහි අර්ථයද මට කියන්න.


නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්