Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 31:8 - Sinhala Revised Old Version

8 දෙවියන්වහන්සේගේ උයනේ කිහිරි ගස්වලට ඒක සැඟවී නොතිබුණේය. දේවදාර ගස් එහි අතුවලට සමාන නොවීය, අර්මොන් ගස් එහි රිකිලිවලට සමව නොතිබුණේය; දෙවියන්වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “දෙවියන් වහන්සේගේ උයනේ ඇති කිසි ම කිහිරි ගසක් එයට සම කළ නොහැකි විය. දේවදාර ගස් එහි අතුවලට සමාන නො වී ය. අර්මොන් ගස් එහි රිකිලිවලට සැසඳුව විට ගණනට ගත නොහැකි විය. දෙවියන් වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “දෙවියන් වහන්සේගේ උයනේ ඇති කිසි ම කිහිරි ගසක් එයට සම කළ නොහැකි විය. දේවදාර ගස් එහි අතුවලට සමාන නො වී ය. අර්මොන් ගස් එහි රිකිලිවලට සැසඳුව විට ගණනට ගත නොහැකි විය. දෙවියන් වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 31:8
15 හුවමාරු යොමු  

නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.


ඒකේ සෙවණෙන් කඳු වැසුණේය, ඒකේ අතු දෙවියන්වහන්සේගේ කිහිරි ගස් මෙන් විය.


ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.


නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මිනීවළට බසින්නන් සමඟ මා විසින් ඔහු පාතාලයට බැස්සෙවූ කල ඔහුගේ වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලෙවුවෙමි. එවිට ඒදන්හි සියලු ගස්ද ලෙබනොන්හි ඉතා හොඳ වටිනා ගස්ද, එනම් වතුර බීගන්න සියල්ලම, පොළොවේ පහත් තැනදී සැනසුණෝය.


දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.


ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් හා සමානය, කිහිරිගස් මෙන් උතුම්ය.


මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.


එහි මහත්කමෙන් සහ එහි අතුවල දීර්ඝකමෙන් ඒක අලංකාරව තිබුණේය. මක්නිසාද එහි මුල බොහෝ ජලයන් ළඟ තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්