Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 26:19 - Sinhala Revised Old Version

19 එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:19
14 හුවමාරු යොමු  

රිදී තලෙන්ත සියය ශුද්ධස්ථානයේ අඩි සහ තිරයේ අඩිත් වාත්තුකිරීමටය; අඩියකට තලෙන්තයක් බැගින් තලෙන්ත සියයකින් අඩි සියයක් විය.


ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් හා සමානය, කිහිරිගස් මෙන් උතුම්ය.


මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;


මෝසෙස් මණ්ඩපය පිහිටුවා ඒකේ අඩි සවිකොට ඒකේ ලෑලි පිහිටුවා ඒකේ පොලු දමා ඒකේ කුළුනු හිටවිය.


ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.


කඩතුරාවට ෂිටිම් ලීවලින් කණු පහක් සාදා ඒවා රනින් වසන්න; ඒවායේ කොකුද රනින් විය යුතුය. ඒවාට පිත්තල අඩි පහක්ද වාත්තුකරන්න.


ලෑලි අටක්ද එක ලෑල්ලක් යට අඩි දෙකක් සහ තවත් ලෑල්ලක් යට අඩි දෙකක්ද බැගින් රිදීයෙන් අඩි සොළොසක් වන්නේය.


මණ්ඩපයේ දකුණු දිසාවෙහි දකුණු පැත්තට ලෑලි විස්සක් සාදන්න.


උතුරු දෙසට තිබෙන මණ්ඩපයේ දෙවෙනි පැත්තටත් ලෑලි විස්සක්ද


එකිනෙකට සම්බන්ධවූ එක එක ලෑල්ලට කුඩුම්බි දෙකක් තිබිය යුතුය. මණ්ඩපයේ සියලු ලෑලිවලට එසේ සාදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්