Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 28:3 - Sinhala Revised Old Version

3 ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 ඔහුගේ පෙනුම විදුලිය වැනි විය; ඔහුගේ ඇඳුම් හිම මෙන් සුදුව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 28:3
14 හුවමාරු යොමු  

උන්වහන්සේ යන කල, ඔවුන් ස්වර්ගය දෙස ඕනෑකමින් බලා සිටියදී, සුදු වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,


උන්වහන්සේගේ වස්ත්‍ර පොළොවෙහි කවර අපුල්ලන්නෙකුටවත් සුදුකරන්ට බැරි තරම් ඉතා සුදුවී දීප්තිමත්විය.


එකල ඔව්හු සොහොන්ගෙට ඇතුල්ව, සුදු සළුවක් පැළඳගත් තරුණයෙක් දකුණු පැත්තේ ඉඳගන ඉන්නවා දැක, භීතවූහ.


ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය.


එවිට යේසුස්වහන්සේගේ ශරීරය තබනලද ස්ථානයෙහි සුදු වස්ත්‍ර හඳනාලද දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස ළඟද එක්කෙනෙක් පාද ළඟද ඉඳගෙන ඉන්නවා දුටුවාය.


තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;


උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය.


මා බලාසිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය, උන්වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; උන්වහන්සේගේ සිංහාසනය ගිනිදළුවක්ය, ඒකේ චක්‍ර ඇවිළෙන ගිනිය.


උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.


රැකවල්ලු ඔහුට භයින් වෙවුලා මළවුන් සේ වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්