Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 5:14 - Sinhala Revised Old Version

14 ඔහුගේ අත් ලශුනිය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය. ඔහුගේ ඇඟ නීලමාණික්‍යවලින් සැරසූ ඇත්දත් කර්මාන්තයක් මෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔහුගේ දෑත පුෂ්ටිමත් ය; ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත. ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔහුගේ දෑත පුෂ්ටිමත් ය; ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත. ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 5:14
15 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය.


අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.


චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය.


බලව, මාගේ සේවකයා නුවණින් ක්‍රියාකරමින් උසස්වී උතුම්වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


නුඹේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, නුඹේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය.


රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය.


සතරවෙනි පේළියට රන් කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද විය. ඒවා රන් කෙවෙනිවල බඳිනලද්දේය.


සතරවෙනි පේළිය රන්කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද වන්නේය. ඒවා රන් කෙවෙනිවල බැන්ද යුතුය.


ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත පරාක්‍රමයෙන් මහිමවත්ය, ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත සතුරා කැබලිකරදමයි.


දෙවෙනි පේළිය රතු කැටයක්ද නීල මාණික්‍යයක්ද වජ්‍රයක්ද වන්නේය;


ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.


ඔහුගේ ශරීරය රන්කාන්තියක් මෙන්ය, ඔහුගේ මුහුණ විදුලියේ පෙනීම මෙන්ය, ඔහුගේ ඇස් ගිනි පහන් මෙන්ය, ඔහුගේ හස්ත සහ පාද ඔප්නැගූ පිත්තල මෙන්ය, ඔහුගේ වචනවල හඬ සමූහයක හඬ මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්