Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 7:4 - Sinhala Revised Old Version

4 නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔබේ ගෙල ඇත්දත් කුලුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 7:4
23 හුවමාරු යොමු  

නුඹේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය.


යම් කලෙක අපේ පුත්‍රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙන් හා අපේ දූවරු මාලිගා කැටයම් ප්‍රකාර කැටයම් කළ කොනේ ගල් මෙන් වන්නෝද,


නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.


භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.


නුඹේ ඇස් මා වෙතින් හරවාගන්න, මක්නිසාද ඒවා මා වසඟකරයි. නුඹේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.


බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය; එසේය නුඹ රුව ඇත්තීය; නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ ඇස් පරෙවියන් වැනිය. නුඹේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.


නුඹේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද නුඹේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ.


ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය.


බාලාත්ද සාලමොන්ට තිබුණ සියලු ගබඩා-නුවරවල්ද තමාගේ රථවලට සියලු නුවරවල්ද තමාගේ අසරුවන්ට නුවරවල්ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් සාලමොන් තමාගේ සතුට පිණිස ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?


මක්නිසාද මුහුදේ, හීරාම්ගේ නැව් සමඟ තර්ෂීෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂීෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.


තවද රජ ඇත් දත්වලින් මහත් සිංහාසනයක් සාදා ඉතා පවිත්‍ර රනින් ඒක වැසුවේය.


සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය.


දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.


ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.


නුඹේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්