ඈ පියාට කථාකොට: ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මාගේ ස්වාමියා කෝපනොවේවා; මක්නිසාද ස්ත්‍රීන්ගේ නියමය මට සිදුවී තිබේයයි කීවාය. මෙසේ ඔහු සෙවූ නුමුත් ඒ රූප සම්බනොවීය.
දානියෙල් 4:19 - Sinhala Revised Old Version එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා. Sinhala New Revised Version එකල බෙල්ටෙෂෙසර් නම් ලත් දානියෙල් දර්ශනය ගැන ඇති වූ සිතුවිලිවලින් කැළඹී, මොහොතකට තුෂ්ණීම්භූත ව සිටියේ ය. රජතුමා ඔහු අමතා, “බෙල්ටෙෂෙසර් ස්වප්නය ගැන වත්, එහි තේරුම ගැන වත් නොකැළඹෙන්නැ”යි කී ය. බෙල්ටෙෂෙසර් මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ රජතුමනි, ස්වප්නය ඔබට ද්වේෂ කරන්නන්ටත්, එහි තේරුම ඔබේ සතුරන්ටත් අදාළ වේ වා! |
ඈ පියාට කථාකොට: ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මාගේ ස්වාමියා කෝපනොවේවා; මක්නිසාද ස්ත්‍රීන්ගේ නියමය මට සිදුවී තිබේයයි කීවාය. මෙසේ ඔහු සෙවූ නුමුත් ඒ රූප සම්බනොවීය.
උන් ඔබගේ මෙහෙකරුවූ යාකොබ්ගේය; උන් මාගේ ස්වාමිවූ ඒසව්ට එවනලද තෑග්ගක්ය. ඔහුද අප පස්සෙන් එන්නේයයි කියන්නැයි කීවේය.
ඔබදියා යද්දී එලියා ඔහුට සම්බ විය. ඔබදියා ඔහු ඇඳින මුහුනින් වැටී: මාගේ ස්වාමිවූ එලියා ඔබදැයි කීයේය.
එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය.
මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.
අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත්, අහෝ මාගේ ආත්මය, නුඹට ඇසුණේය.
නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.
රජ තෙමේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කථාකොට: මා විසින් දුටු ස්වප්නයත් එහි අර්ථයත් මට දන්වන්ට නුඹට පුළුවන්දැයි ඇසුවේය.
රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්චර්යයද ඔබට දී තිබේ.
රජ්ජුරුවෙනි, අර්ථය මෙසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පැමිණී තිබෙන මහෝත්තමයාණන්ගේ නියමයද මෙසේය:
මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම්කරදීමෙත් තේරවිලි විසදීමෙත් ගැටපද පහදාදීමෙත් ඥානයද රජු විසින් බේල්ටෙෂශර්යයි නම් තැබූ ඒ දානියෙල් තුළ සම්බවිය. දැන් දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇතැයි කීවාය.
රජ්ජුරුවෙනි, මහෝත්තම දෙවියන්වහන්සේ රජකමද මහන්තත්වයද ගෞරවයද මහිමයද ඔබගේ පියවූ නෙබුකද්නෙශර්ට දුන්සේක.
උන්වහන්සේ ඔහුට දුන් මහන්තත්වය නිසා සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද ඔහු ඉදිරියෙහි වෙවුලා භයවූවෝය. ඔහු, කැමැති කෙනෙකු මැරීය, කැමැති කෙනෙකු ඉතුරුකෙළේය; ඔහු කැමැති කෙනෙකු උසස්කෙළේය, කැමැති කෙනෙකු පහත්කෙළේය.
කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතිවිලිවලින් බොහෝසෙයින් කැලඹුණෙමි, මා කෙරෙහි මාගේ මුහුණේ පාටද වෙනස්විය. නුමුත් කාරණය මාගේ සිතේ තබාගන උන්නෙමි.
එවිට දානියෙල් වන මම ක්ලාන්තවී, දවස් ගණනක් ලෙඩින් උන්නෙමි; පසුව මම නැගිට රජුගේ මෙහෙවර කෙළෙමි. මම දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි, නුමුත් කිසිවෙක් ඒක තේරුම් නොගත්තේය.
හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.
ඉන්පසු දාවිත් නැගිට ගුහාවෙන් පිටතට ගොස්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සැයි කියා සාවුල්ට මොරගැසීය. සාවුල් පස්සට හැරී බැලූ කල දාවිත් මුහුණින් බිමට නැමී වැඳ,
දාවිත්ද: නුඹ වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් නොවේද? ඉශ්‍රායෙල්හි නුඹ හා සමාන කෙනෙක් කවුද? නුඹේ ස්වාමිවූ රජ්ජුරුවන් නුඹ විසින් රැකවල් නොකළේ මක්නිසාද? නුඹේ ස්වාමිවූ රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුල්වූයේය.
එවිට ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ නුඹට කී සියලු දෙයින් නුඹ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ නුඹට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වයි කීවේය.