Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 4:19 - Sinhala New Revised Version

19 එකල බෙල්ටෙෂෙසර් නම් ලත් දානියෙල් දර්ශනය ගැන ඇති වූ සිතුවිලිවලින් කැළඹී, මොහොතකට තුෂ්ණීම්භූත ව සිටියේ ය. රජතුමා ඔහු අමතා, “බෙල්ටෙෂෙසර් ස්වප්නය ගැන වත්, එහි තේරුම ගැන වත් නොකැළඹෙන්නැ”යි කී ය. බෙල්ටෙෂෙසර් මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ රජතුමනි, ස්වප්නය ඔබට ද්වේෂ කරන්නන්ටත්, එහි තේරුම ඔබේ සතුරන්ටත් අදාළ වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 4:19
27 හුවමාරු යොමු  

එවිට දානියෙල් නම් මම ක්ලාන්ත වී, දවස් ගණනක් අසනීප ව සිටියෙමි. ඉන්පසු මම නැඟිට රාජ සේවය කෙළෙමි. මම දර්ශනය ගැන පුදුමයෙන් පුදුමයට පත් ව සිටියෙමි. කිසිවෙකුට එය තේරුම් ගත නොහැකි විය.


මාගේ ස්වප්නයේ අවසානය එය වේ. මාගේ සිතිවිලිවලින් මම බොහෝ සේ කැළඹුණෙමි. මාගේ මුහුණ මලානික විය. ඒ කරුණු සියල්ල මාගේ සිතේ මම තබාගතිමි.


“රජතුමනි, එහි තේරුම මෙය වේ. එය මාගේ ස්වාමීන් වන රජතුමාට පැමිණ තිබෙන මහෝත්තමයාණන්ගේ නියමය ය.


අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.


එවිට ඒලී, “සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය.


ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.


දානියෙල් වන මාගේ සිත ශෝකාකූල විය; මාගේ හිසට නැඟුණ දර්ශනවලින් මම කැළඹුණෙමි.


රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය.


රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, “මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය.


එහෙත්, ප්‍රධාන නපුංසකයා ඔවුන්ට වෙනත් නම් දුන්නේ ය; දානියෙල්ට බෙල්ටෙෂෙසර් කියා ද හනනියාට ෂද්‍රක් කියා ද මිෂායෙල්ට මේෂක් කියා ද අසරියාට අබෙද්නෙගෝ කියා ද නම් තැබුවේ ය.


මම නුඹලා හිරකරුවන් වශයෙන් යම් නගරයකට පැමිණෙවුවෙම් ද එහි යහපත පිණිස වැඩ කරන්න. ඒ උදෙසා මට යාච්ඤා කරන්න. ඒ නගරයේ සෞභාග්‍යය ඇති වුවහොත්, නුඹලාගේ සෞභාග්‍යයත් ඇති වන්නේ ය.’


ඔබදියා යන විට එලියා ඔහුට සම්බ වී ය. ඔබදියා ඔහු හැඳිනගෙන මුණින්තළා වී, “මාගේ ස්වාමීන් වන එලියා ඔබ දැ”යි ඇසී ය.


දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය; “ඔබ මිනිසෙක් නොවේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන අන් කෙනෙක් සිටී ද? එසේ නම් ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ඔබ රැක බලා නොගත්තේ මන් ද? ඔබේ ස්වාමීන් වන රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුළු විය.


ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ,


හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.


දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.


‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය.


ඈ තම පියාට කතා කරමින්, “තාත්තා ඉදිරියේ මට නැඟිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට දැන් ඇතැ”යි කීවා ය. ලාබන් ද ඒ රූප සෙවූ නමුත් ඒවා ඔහුට සම්බ නොවී ය.


ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි.


රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ.


“රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක.


උන් වහන්සේ ඔහුට දුන් මහන්තත්ත්වය නිසා සියලු ජනයෝ ද ජාතීහු ද භාෂාවෝ ද ඔහු ඉදිරියේ වෙවුලා බිය වූවෝ ය. ඔහු කැමැති කෙනෙකු මැරී ය; කැමැති කෙනෙකු ඉතුරු කෙළේ ය. ඔහු කැමැති කෙනෙකු උසස් කෙළේ ය. කැමැති කෙනෙකු පහත් කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්