Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 24:8 - Sinhala Revised Old Version

8 ඉන්පසු දාවිත් නැගිට ගුහාවෙන් පිටතට ගොස්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සැයි කියා සාවුල්ට මොරගැසීය. සාවුල් පස්සට හැරී බැලූ කල දාවිත් මුහුණින් බිමට නැමී වැඳ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 24:8
11 හුවමාරු යොමු  

එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.


සාවුල් දාවිත්ගේ හඬ ඇඳින: මාගේ පුත්‍රවූ දාවිත්, ඔය නුඹේ හඬදැයි ඇසීය. දාවිත්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, ඒ මාගේ හඬය.


ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.


එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්:


සහෝදර සමාගමට ප්‍රේමකරන්න. දෙවියන්වහන්සේට භයවෙන්න. රජ්ජුරුවන්ට ගෞරවකරන්න.


මෙසේ සාවුල්ට විරුද්ධව නැගිටින්ට දාවිත් තමාගේ මිනිසුන්ට ඉඩනෑර මේ වචනවලින් ඔවුන් නවත්වා ගත්තේය. සාවුල් ගුහාවෙන් පිටත්ව යන්ට ගියේය.


සාවුල්ට කථාකොට: දාවිත් ඔබට අනතුරු කරන්ට සොයන්නේයයි කියන මනුෂ්‍යයන්ගේ වචනවලට ඔබ ඇහුම්කන්දෙන්නේ මක්නිසාද?


ඔහුගේ හැටි කොහොමදැයි ඔහු ඇගෙන් ඇසුවේය. ඈ: මහලු මනුෂ්‍යයෙක් නැගීඑන්නේය; ඔහු සළුවක් පෙරවාගෙන ඉන්නේයයි කීවාය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුහුණින් බිමට නැමී වැන්දේය.


එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්