Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 1:7 - Sinhala Revised Old Version

7 නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එහෙත්, ප්‍රධාන නපුංසකයා ඔවුන්ට වෙනත් නම් දුන්නේ ය; දානියෙල්ට බෙල්ටෙෂෙසර් කියා ද හනනියාට ෂද්‍රක් කියා ද මිෂායෙල්ට මේෂක් කියා ද අසරියාට අබෙද්නෙගෝ කියා ද නම් තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 1:7
13 හුවමාරු යොමු  

මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම්කරදීමෙත් තේරවිලි විසදීමෙත් ගැටපද පහදාදීමෙත් ඥානයද රජු විසින් බේල්ටෙෂශර්යයි නම් තැබූ ඒ දානියෙල් තුළ සම්බවිය. දැන් දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇතැයි කීවාය.


අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි:


දානියෙල්ගේ ඉල්ලීම පිට රජ බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද පත්කෙළේය. දානියෙල් වනාහි රජවාසලෙහි සිටියේය.


රජ තමාගේ නපුංසකයන්ගේ ප්‍රධානියාවූ අෂ්පෙනස්ට කථාකොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් රාජ වංශයෙන්ද උත්තමයන්ගෙන්ද කැලලක් නැත්තාවූ,


බබිලෝනියේ රජද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත්කොට ඔහුගේ නම ශෙදෙකියාය කියා වෙනස්කෙළේය.


තවද ඵාරාවෝ-නෙකො තෙමේ යොෂියා රජුගේ පුත්‍රවූ එලියාකිම් ඔහුගේ පියවූ යොෂියා වෙනුවට රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකිම්ය කියා වෙනස් කෙළේය. නුමුත් ඔහු යෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේය; එහිදී ඔහු මළේය.


රජ තෙමේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කථාකොට: මා විසින් දුටු ස්වප්නයත් එහි අර්ථයත් මට දන්වන්ට නුඹට පුළුවන්දැයි ඇසුවේය.


තවද ඵාරාවෝ යෝසෙප්ට ශාඵෙනත්-පනේයා යන නාමය තබා ඕන්හි පූජකවූ පෝති-ඵෙරාගේ දියණියවූ ආසෙනත් ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. යෝසෙප් පිටත්ව මිසර දේශය මුළුල්ලෙහි ගියේය.


රජ ඔවුන් සමඟ කථාකෙළේය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල්ටත් හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් සමානවූ කිසිවෙක් සම්බ නොවීය. ඔව්හු රජු ඉදිරියෙහි සිටියෝය.


පර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ තුන්වෙනි අවුරුද්දේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කාරණයක් එළිදරව්විය; ඒ කාරණය සැබෑය, එනම් මහත් යුද්ධයක් ගැනය. ඔහු කාරණය කල්පනාකර, දර්ශනය තේරුම්ගත්තේය.


මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්