Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 18:7 - Sinhala Revised Old Version

7 ඔබදියා යද්දී එලියා ඔහුට සම්බ විය. ඔබදියා ඔහු ඇඳින මුහුනින් වැටී: මාගේ ස්වාමිවූ එලියා ඔබදැයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබදියා යන විට එලියා ඔහුට සම්බ වී ය. ඔබදියා ඔහු හැඳිනගෙන මුණින්තළා වී, “මාගේ ස්වාමීන් වන එලියා ඔබ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔබදියා යන විට එලියා ඔහුට සම්බ වී ය. ඔබදියා ඔහු හැඳිනගෙන මුණින්තළා වී, “මාගේ ස්වාමීන් වන එලියා ඔබ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:7
16 හුවමාරු යොමු  

නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, සිහින් වස්ත්‍ර අඳින්නෝ රජ ගෙවල සිටිති.


මෙම යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ, ඉඟටියේ හම්පටියක් බැඳ සිටියේය; ඔහුගේ කෑම වූයේ පළඟැටියන් හා වනමීය.


නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.


ඒ කාලයේදී යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලොනීය අහියානම් අනාගතවක්තෘට ඔහු මගදී සම්බවිය; ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය.


රජ ගෙදර වැසියන් මෙගොඩකරන්ටත් ඔහුගේ කැමැත්තක් කරන්ටත් පාරුවක් එගොඩට ගියේය. ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි යොර්දානෙන් එගොඩවුණ කල රජු ඉදිරියෙහි වැටී,


ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.


ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි.


ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැටී: මෙන්න, අපි ඔබගේ මෙහෙකරුවෝයයි කීවෝය.


එබැවින් ළමයා වෙනුවට ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමීන්ට දාසව සිටින්ටත් ළමයාට තමාගේ සහෝදරයන් සමඟ යන්ටත් අවසර දෙන ලෙස ඉල්ලමි.


අපට වයෝවෘද්ධයෙක්වූ පියෙක්ද ඔහුගේ මහලු වයසේදී උපන් කුඩා දරුවෙක්ද සිටිති; ඔහුගේ සහෝදරයා මළේය, ඔහුගේ මවුගෙන් ඔහු පමණක් ඉතුරුව සිටියි, ඔහුගේ පියාද ඔහුට ආදරේ ඇත්තේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමු.


යූදා කියනුයේ: මාගේ ස්වාමියාට අපි කුමක් කියමුද? කුමක් කථාකරමුද? අපි කෙසේ අපම නිර්දෝෂකරගනිමුද? දෙවියන්වහන්සේ ඔබගේ මෙහෙකරුවන්ගේ අපරාධය සොයාගත්සේක. බැලුව මැනවි, කුසලාන යමෙකු අත තිබී සම්බවීද ඔහුත් අපිත් මාගේ ස්වාමියාගේ දාසයෝ යයි කීය.


සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්‍රීතියක් ලබන්නෙම්දැයි කීවාය.


ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛවන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිවගොස් බිමට නැමී:


මෙසේ දේශය මුළුල්ලේ යන පිණිස ඔවුන් ඒක බෙදාගන ආහබ් එක මාර්ගයකින් වෙනම ගියේය, ඔබදියා වෙන්ව වෙන මාර්ගයකින් ගියේය.


ඔහුද: ඒ මමය. එලියා මෙහි ඉන්නවාය කියා නුඹ ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්