Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 3:17 - Sinhala Revised Old Version

17 එවිට ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ නුඹට කී සියලු දෙයින් නුඹ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ නුඹට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට ඒලී, “සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට ඒලී, “සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 3:17
18 හුවමාරු යොමු  

දවහල් ව තිබියදීම දාවිත්ට කෑම කන්ට සලස්වන පිණිස මුළු සෙනඟ ආවෝය; නුමුත් දාවිත්: මා විසින් රොටිවත් වෙන කිසි දෙයක්වත් ඉර බහින තෙක් කටට ගත්තොත් දෙවියන්වහන්සේ එසේමත් ඊට වැඩියත් මට කරනසේක්වයි කියා දිවුළේය.


නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.


නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.


යාකොබ් වංශයේ තැනැත්තෙනි, ස්වාමීන්වහන්සේගේ ආත්මය අඩුවෙලාද? මේවා උන්වහන්සේගේ ක්‍රියාද? අවංකලෙස හැසිරෙන්නාට මාගේ වචනවලින් යහපත සිද්ධ වෙනවා නොවේද?


එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා.


ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.


රජ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කීවරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීවේය.


තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.


මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා.


එවිට ඒලී: මාගේ පුත්‍රය, සාමුවෙල්යයි කියා සාමුවෙල්ට හඬගැසුවේය. ඔහුද: මම මෙහියයි කීවේය.


මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.


එවිට ශෙදෙකියා රජ අනාගතවක්තෘවූ යෙරෙමියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ තුන්වෙනි දොරටුවට තමා ළඟට ගෙන්වාගෙන, යෙරෙමියාට කථාකොට: මම නුඹෙන් කාරණයක් අසමි; කිසිවක් මාගෙන් නොසඟවන්නැයි කීය.


එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: නුඹලා කී දේ ඇසීමි; මම නුඹලාගේ වචනවල හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ නුඹලාට උත්තරදෙන කාරණා සියල්ලම නුඹලාගෙන් කිසිවක් නොසඟවා නුඹලාට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.


හෙතෙම ඔහු ළඟට ආවේය, බලව, ඔහුද ඔහු සමඟ මෝවබ්හි අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. බාලාක්: ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්දැයි ඔහුගෙන් ඇසුවේය.


සාවුල්ද: යොනාතාන්, නුඹ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය.


රජකම සාවුල්ගේ වංශයෙන් අහක්කර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි පිහිටුවන පිණිස,


එවිට රජ උත්තරදෙමින්: මා නුඹෙන් අසන දෙය මාගෙන් සඟවන්ට එපායයි ස්ත්‍රියට කීවේය. ස්ත්‍රීද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කථාකෙරෙත්වයි කීවාය.


එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්