Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 4:18 - Sinhala Revised Old Version

18 මේ ස්වප්නය නෙබුකද්නෙශර් රජ වන මම දුටිමි. බේල්ටෙෂශර්, නුඹ අර්ථය කියන්න, මක්නිසාද මට අර්ථය දන්වන්ට මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය; නුමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 4:18
14 හුවමාරු යොමු  

මේ ලියවිල්ල කියවා එහි අර්ථය මට දන්වන පිණිස ශාස්ත්‍රවන්තයෝද අනවිනකාරයෝද මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය. නුමුත් කාරණාවේ අර්ථය පෙන්වන්ට ඔවුන්ට බැරිවිය.


උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.


එකල රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ ඇතුල්වූහ. නුමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය.


ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයක් දුටිමි, ඒකේ තේරුම කියාදීමට පොහොසත්වූ කවරෙක්වත් නැත්තේය. නුඹ ස්වප්නයක් ඇසූ කල්හි ඒකේ අර්ථය තෝරාදෙන්ට නුඹට පුළුවනැයි නුඹ ගැන කියනවා මම ඇසීමියි කීයේය.


සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.


ඔව්හු දෙවෙනි වර උත්තරදෙමින්: රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කියත්වා, එවිට අපි අර්ථය පෙන්වන්නෙමුයයි කීවෝය.


මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.


යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය;


රජු විසින් ශාස්ත්‍රයත් නුවණත් සම්බන්ධ මොන කාරණයක් ඔවුන්ගෙන් විභාගකළත්, තමාගේ මුළු රාජ්‍යයෙහි සිටි සියලු මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් වඩා ඔවුන් දස ගුණයක් සමර්ථ බව ඔහුට පෙනී ගියේය.


මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී, ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා කළ සේක. රත්රන් හිස නම් ඔබය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්