මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
ද්විතීය නීතිය 6:15 - Sinhala Revised Old Version එසේ කළොත් නුඹලා මධ්‍යයෙහි වැඩ සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අන්‍ය භක්ති නොඉවසන්නාවූ දෙවිකෙනෙක් බැවින්, උන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ නුඹ පොළොව මතුපිටින් විනාශකරනවා ඇත. Sinhala New Revised Version ඔබ එලෙස කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු බැවින්, උන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී උන් වහන්සේ ඔබ මිහිතලයෙන් වනසාලන්නට පුළුවන. Sinhala New Revised Version 2018 ඔබ එලෙස කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු බැවින්, උන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී උන් වහන්සේ ඔබ මිහිතලයෙන් වනසාලන්නට පුළුවන. |
මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.
එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ පොළොව මතුපිටින් පහකරන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ නිසා නුඹ මේ අවුරුද්දේ මැරෙන්නෙහියයි කීවේය.
විදේශියාටද මවුපියන් නැත්තාටද වැන්දඹුවටද පීඩා නොකර, මේ ස්ථානයෙහි නිදොස් ලේ නොවගුරුවා, නුඹලාටම අන්තරාය සිදුවීමට අන්‍ය දෙවිවරුන් පස්සේ නොගොස් සිටින්නහු නම්,
පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.
බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඇස් පාපිෂ්ඨවූ රාජ්‍යය දෙසට යොමා තිබේ, මම එය භූමිය මතුපිටින් විනාශකරන්නෙමි; එහෙත් යාකොබ් වංශය සහමුලින්ම විනාශ නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා පදිංචිවෙන දේශය තුළ මා වාසයකරන බැවින් ඒක අපවිත්‍ර නොකර සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරමියි කීසේක.
එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; නුඹලාද ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත.
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විනාශකරන ගින්නක් වන, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්ය.
ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.
මක්නිසාද නුඹලා යම් හෙයකින් හැරී ගොස්, නුඹලා ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, නුඹලා ඔවුන් අතරෙහිද ඔවුන් නුඹලා අතරෙහිද ගැවසුණොත්,
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.