Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 23:12 - Sinhala Revised Old Version

12 මක්නිසාද නුඹලා යම් හෙයකින් හැරී ගොස්, නුඹලා ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, නුඹලා ඔවුන් අතරෙහිද ඔවුන් නුඹලා අතරෙහිද ගැවසුණොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 23:12
28 හුවමාරු යොමු  

ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.


ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.


නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.


ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.


ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.


මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.


එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.


අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.


නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.


ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.


එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.


සැබවින්ම ඔවුන් නුඹලාගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට නුඹලා අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය.


ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.


එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.


මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.


එහෙයින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.


ඔවුන්ගේ දූවරුන් පාවාගෙන, තමුන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී, ඔවුන්ගේ දෙවිවරුන්ට සේවයකළෝය.


එසේ කළොත් නුඹලා මධ්‍යයෙහි වැඩ සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අන්‍ය භක්ති නොඉවසන්නාවූ දෙවිකෙනෙක් බැවින්, උන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ නුඹ පොළොව මතුපිටින් විනාශකරනවා ඇත.


එවිට ඔහුගේ මව්පියෝ කථාකොට: නුඹ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් භාර්යාවකු ගන්ට යන්නේ නුඹේ සහෝදරයන්ගේ දූවරුන් අතරේවත් මාගේ මුළු සෙනඟ අතරේවත් ස්ත්‍රියක් නැති නිසාදැයි ඔහුට කීවෝය. නුමුත් සම්සොන්: ඒ තැනැත්තිය මට ලබාදෙන්න, මක්නිසාද මම ඈට කැමතියයි තමාගේ පියාට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්