Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 3:2 - Sinhala Revised Old Version

2 පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ලොවේ සියලු වංශවලින් මා මැනවින් දැනහැඳිනගෙන ඇත්තේ නුඹ පමණකි. ඒ නිසා නුඹලා කර ඇති සියලු පාපවලට මම දඬුවම් දෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ලොවේ සියලු වංශවලින් මා මැනවින් දැනහැඳිනගෙන ඇත්තේ නුඹ පමණකි. ඒ නිසා නුඹලා කර ඇති සියලු පාපවලට මම දඬුවම් දෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 3:2
37 හුවමාරු යොමු  

මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.


මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?


එතකුදුවුවත් ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට ප්‍රේමකරන ලෙස ඔවුන් කෙරෙහි ඇලුම්වී, අද තිබෙන්නාක් මෙන් ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වංශයවූ නුඹලා සියලු මනුෂ්‍ය වර්ගයන්ට ඉහල් කොට තෝරාගත්සේක.


නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, පීඩාව හා සිත් වේදනාවත් පැමිණෙන්නේය.


එසේ යෙරුසලමට සිද්ධවුණු හැටියට මුළු අහස යට සිද්ධ නූණ ආකාර මහත් විපතක් අප කෙරෙහි පැමිණවීමෙන් උන්වහන්සේ අපටත් අප විනිශ්චයකළ අපේ විරුද්ධකාරයන්ටත් විරුද්ධව කී වචන ඉෂ්ටකළ සේක.


මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය.


ඔවුන් තමුන්ගේ පාද නවත්වා නොගෙන මුළාවයන්ට මෙපමණ ප්‍රියවූ බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි අප්‍රසන්නවූසේකැයි කියාත් දැන් උන්වහන්සේ ඔවුන්ගේ අපරාධකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනවා ඇත කියාත් ස්වාමීන්වහන්සේ මේ සෙනඟට කියනසේක.


නුඹට යහළුවන් වෙන්ට නුඹම ඉගැන්වූ අයවලුන් උන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රධානකමට පත්කරන විට නුඹ මක්කියන්නෙහිද? බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් නුඹට වේදනා අල්ලන්නේ නැද්ද?


බලව, මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම්කන්නෝය; ඔවුන්ගේ පුත්‍රයෝද දූවරුද සාගතයෙන් මැරෙන්නෝය;


ඔබව හැඳින නොගත් ජාතීන් කෙරෙහිද ඔබගේ නාමයට යාච්ඤා නොකරන වර්ගයන් කෙරෙහිද ඔබගේ කෝපය වැගිරෙවුව මැනව. මක්නිසාද ඔව්හු යාකොබ් නාස්තිකළෝය, එසේය, ඔව්හු ඔහු නාස්තිකර නටබුන්කර, ඔහුගේ වාසස්ථානය පාළුකළෝය.


බලව, අචර්මඡේදිතව සිටින සියලු චර්මඡේදිතයන්ට,


මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය.


අපි ඔබ විසින් කිසිකලක ආණ්ඩු නොකළවුන් මෙන්ද ඔබගේ නාමය නොදැරූ අය මෙන්ද වී සිටිමුව.


උන්වහන්සේ යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වනසේක.


ස්වාමීන්වහන්සේද තමන්ගේ සියලු ආඥා නුඹ විසින් පවත්වන පිණිස තමන් සන්තක සෙනඟක් කොට නුඹට කී ලෙස නුඹ පිළිගන්ටත්,


තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප්‍රකාරයට නෝවාගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය.


උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.


මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.


ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.


මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.


ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනඟය; යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය.


නුමුත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේමකෙරේනම්, ඔහු උන්වහන්සේ විසින් දන්නාලද්දේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.


මක්නිසාද දෙවියන් වහන්සේ පොළොව පිට මනුෂ්‍යයා මැවූ දවසේ පටන් අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා මෙයාකාර මහත් දෙයක් සිද්ධ වුණාද නොහොත් මෙයාකාර දෙයක් අසන්ට යෙදුණාද කියා නුඹට ප්‍රථම තිබුණු පසුගිය දවස්වලින් විභාගකරන්න.


මා කළේවත් නැවත කරන්නේවත් නැති ආකාර දේවල් නුඹේ සියලු පිළිකුල්කම් නිසා නුඹ තුළ කරන්නෙමි.


මම එප්‍රායිම් අඳුනමි, ඉශ්‍රායෙල්ද මාගෙන් සැඟවී නැත. මක්නිසාද, එප්‍රායිම්, නුඹ දැන් වේශ්‍යාකම්කර තිබේ, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටියි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යූදාගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකොට, උන්වහන්සේගේ පනත් නොපවත්වා, ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය.


දෙදෙනෙක් එකඟවුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද?


සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්‍රවේසම්ව සිටින්නන්ටද දුක්වේ! ඔව්හු ජාතීන්ගෙන් ප්‍රධාන ජාතියේ උත්තමයෝය, ඉශ්‍රායෙල් වංශයද ඔවුන් ළඟට එන්නෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ වංශයට විරුද්ධව විපත්තියක් යොදමි, එයින් නුඹලාගේ කුළල් අහකට ගන්ටවත් උඩඟුලෙස ඇවිදින්ටවත් නුඹලාට බැරිවන්නේය; මක්නිසාද ඒක විපත්ති කාලයක්ය.


දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්