අපේ පියවරුන්වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ අදහස හා කල්පනා ඔබගේ සෙනඟගේ සිත්වල සදාකාලේටම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නමාගතමැනව.
ද්විතීය නීතිය 5:29 - Sinhala Revised Old Version අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත! Sinhala New Revised Version මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපණත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද! Sinhala New Revised Version 2018 මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපනත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද! |
අපේ පියවරුන්වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ අදහස හා කල්පනා ඔබගේ සෙනඟගේ සිත්වල සදාකාලේටම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නමාගතමැනව.
තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,
උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම නුඹ තෘප්තියට පමුණුවන්නෙමි.
ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේයයි කියන්න. මක්නිසාද ඔව්හු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්තිවිඳින්නෝය.
අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීමෙන් අපට යහපත සිද්ධවෙන පිණිස උන්වහන්සේ වෙතට අපි නුඹ යවම්හ; හොඳක් වුවත් නොහොඳක් වුවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට අපි කීකරුවන්නෙමුයයි යෙරෙමියාට කීවෝය.
මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.
අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.
උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.
අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ.
එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.
තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.
ඉතින් ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත්
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්න.
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ නියමයන්ද පනත්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න.
ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස නුඹ එය නොකා සිටින්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.
නුඹේ ඇස ඔහු කෙරෙහි දයානොකෙරේවා, නුඹට ශුභ සිද්ධවන පිණිස ඉශ්‍රායෙල් කෙරෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය පහකරන්න.
නුඹට ශුභ සිද්ධවන පිණිසද නුඹේ දවස් වැඩිවන පිණිසද කෙසේ නමුත් මවට යන්ට හැර පැටවුන් පමණක් ගන්න.
ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල නුඹ හොරෙබ්හිදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.
මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.
නුඹටත් නුඹෙන් පසු නුඹේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයටම නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.
නුඹලා හිමිකරගන්ට යන දේශයෙහි නුඹලා ජීවත්ව සිටින පිණිසත් නුඹලාට ශුභ සිද්ධවන පිණිසත් නුඹලාගේ දවස් වැඩිකරගන්න පිණිසත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද හොඳාකාරයෙන් රක්ෂාකරන්න.
නුඹට ශුභ සිද්ධවන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දෙන්ට දිවුළ යහපත් දේශයට ඇතුල්ව එය හිමිකරගන්නා පිණිසද ස්වාමීන්වහන්සේ කී ලෙස නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් එළවා දමන පිණිසද,
එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න.
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.
ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය.
එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, නුඹට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් නුඹට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද?