උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට නුඹට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් නුඹ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක.
ද්විතීය නීතිය 3:18 - Sinhala Revised Old Version මම එකල්හි නුඹලාට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය නුඹලාට දී තිබේ. සන්නාහ සන්නද්ධව නුඹලාගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් නුඹලාගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය. Sinhala New Revised Version “මම එකල ඔබට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැන්මට මෙරට දුන් සේක. එබැවින් සටනට යන භටයන් සන්නාහ සන්නද්ධ වී, සෙසු ඉශ්රායෙල් ජනයාට පෙරටුවෙන් යා යුතු ය. Sinhala New Revised Version 2018 “මම එකල ඔබට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැන්මට මෙරට දුන් සේක. එබැවින් සටනට යන භටයන් සන්නාහ සන්නද්ධ වී, සෙසු ඉශ්රායෙල් ජනයාට පෙරටුවෙන් යා යුතු ය. |
උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට නුඹට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් නුඹ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක.
ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයේදී නුඹලා භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල නුඹලා විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය.
කොයි හැටි වුවත් නුඹ වෙත දිළින්දෙක් නොසිටිය යුතුය; මක්නිසාද මා විසින් අද නුඹට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න හැටියට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට මනාකොට ඇහුම්කන්දෙන්නෙහිනම්,
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයෙහි නුඹට උරුමවෙන්නාවූ නුඹේ උරුමයෙහි පුරාතනයන් විසින් නියමකළාවූ නුඹේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන නුඹේ දේශය මධ්‍යයෙහි නුවරවල් තුනක් වෙන්කර ගන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයෙහි යමෙකු කෙතේ මරාදමා තිබෙනවා සම්බවුණොත්, ඔහු කා විසින් මැරුවාද කියා නොදන්නවා නම්,
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට නුඹට දෙන දේශයේදී වටකර සිටින නුඹේ සියලු සතුරන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.
එහෙත් නුඹ වනාහි මෙහි මා වෙත සිටින්න, මමද හිමිකරගැනීම පිණිස මා ඔවුන්ට දෙන දේශයෙහි ඔවුන් පවත්වන පිණිස නුඹ ඔවුන්ට ඉගැන්විය යුතුවූ ආඥා පන්තියද පනත්ද විනිශ්චයන්ද නුඹට කියන්නෙමියි කීසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්,
එබැවින් ඒ හොඳ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ එය නුඹට දෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසා නොවන බව දැනගන්න; මක්නිසාද නුඹ තද කුළල් ඇති සෙනඟක්ය.
නුඹලා කඳවුර මුළුල්ලෙහි ගොස් සෙනඟට කථාකර–හිමිකරගැනීමට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශය හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹලා තව තුන් දවසකින් මේ යොර්දානෙන් එතරට යන නිසා කෑම සූදානම්කරගන්නය කියා අණකරන්නැයි කීවේය.