Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 3:17 - Sinhala Revised Old Version

17 කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 කින්නෙරෙත් නම් ස්ථානයේ සිට පෙරදිගින් වූ පිස්ගා නම් කඳු පාමුල පිහිටි මළ මුහුදේ වෙරළ අසබඩ වූ මිටියාවත සහ ජොර්දාන් ගඟ තවත් සීමාවක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 කින්නෙරෙත් නම් ස්ථානයේ සිට පෙරදිගින් වූ පිස්ගා නම් කඳු පාමුල පිහිටි මළ මුහුදේ වෙරළ අසබඩ වූ මිටියාවත සහ ජොර්දාන් ගඟ තවත් සීමාවක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:17
16 හුවමාරු යොමු  

නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.


මොවුන් සියල්ලෝ ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය.


ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.


පිස්ගායේ පාවුලට පහළින් තිබෙන අරබා සමභූමියේ මුහුද දක්වා යොර්දානෙන් එගොඩ නැගෙනහිරට තිබෙන මුළු අරබා සමභූමියද හිමිකරගත්තෝය.


එතනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, යොර්දානේ දකුණු කෙළවරේ තිබෙන ලුණු මුහුදේ උතුරු වරායෙහි කෙළවරවුණේය. දකුණු සීමාව මේය.


නැගෙනහිර සීමාව යොර්දාන් කෙළවර දක්වා ලුණු මුහුදය. උතුරු පැත්තේ සීමාව නම් යොර්දාන් කෙළවරෙහිවූ මුහුදේ වරාය පටන්ය.


ඔවුන්ගේ දකුණු සීමාව ලුණු මුහුදේ කෙළවර වන දකුණට හැරී තිබෙන වරායේ පටන්,


හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.


ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.


ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.


තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය.


පවුරු ඇති නුවරවල් නම්: ශිද්දීම්ද ශේර්ද හම්මත්ද රක්කත්ද කින්නෙරෙත්ද,


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.


ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්