ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල රජු ළඟට ගෙනයනු ලබන්නේය.
යෝබ් 8:15 - Sinhala Revised Old Version ඔහු තමාගේ ගෙට හේත්තුවුණාම ඒක නොතිබී යයි; ඔහු එය තදින් ඇල්ලුවාම ඒක නොපවතියි. Sinhala New Revised Version මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද? නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද? Sinhala New Revised Version 2018 මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද? නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද? |
ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල රජු ළඟට ගෙනයනු ලබන්නේය.
ඔවුන්ගේ සිතේ කල්පනාව නම්, තමුන්ගේ ගෙවල් සදාකාලේටද තමුන්ගේ වාසස්ථාන පරම්පරාවෙන් පරම්පරාවටද පවතින්නේය යනුයි; ඔවුන්ගේ ගම්බිම්වලට ස්වකීය නම් තබති.
අශ්වයන් පර්වත පිට දුවන්ටවත් එහි ගොනුන්ගෙන් හාන්ටවත් පුළුවන්ද? එහෙත් නුඹලා යුක්තිය තික්තකමටත් ධර්මිෂ්ඨකමේ ඵල කොසඹවලටත් හරවා තිබේ.
ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.