යෝබ් 21:30 - Sinhala Revised Old Version එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය. Sinhala New Revised Version විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද? Sinhala New Revised Version 2018 විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද? |
දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.
දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙත්, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,
ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද? ඔහු කළ දෙයට ඔහුට විපාක දෙන්නේ කවුද?
නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය.
ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක.
ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය,
නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?
නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.
ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.