Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:17 - Sinhala Revised Old Version

17 දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙත්, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද? කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද? කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද? කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද? කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:17
13 හුවමාරු යොමු  

ඔහු බලා නොසිටින දවසකදීද නොදන්නා පැයකදීද ඒ දාසයාගේ ස්වාමියා ඇවිත් ඔහුට තදබලලෙස දඬුවම්කර, අවිශ්වාසයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය.


එකල නුවණ නැත්තියෝ: අපේ පහන් නිවීගන යන නිසා නුඹලාගේ තෙලින් අපටත් දෙන්නැයි නුවණ ඇත්තියන්ට කීවෝය.


මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි.


තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.


ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි.


දුෂ්ටයාට බොහෝ දුක් පැමිණෙන්නේය. නුමුත් ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ කරුණාවෙන් වටකරනු ලබන්නේය.


එළියෙන් අඳුරට ඔහු තල්ලුකරනු ලැබ, ලෝකයෙන් එළවනු ලබන්නේය.


එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.


ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටසත් උසස් තැන්හි සිටින සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් කිමෙක්ද?


අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්