Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 1:15 - Sinhala Revised Old Version

15 ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඒ දවස උදහසේ දවසක් ය. දුක් විපත් ඇති දවසක් ය; නාස්තියේ හා විනාශයේ දවසක් ය; අන්ධකාරයේ හා කළුවරකමේ දවසක් ය; වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඒ දවස උදහසේ දවසක් ය. දුක් විපත් ඇති දවසක් ය; නාස්තියේ හා විනාශයේ දවසක් ය; අන්ධකාරයේ හා කළුවරකමේ දවසක් ය; වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 1:15
17 හුවමාරු යොමු  

ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.


මක්නිසාද ඒ දවස සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් වූ දර්ශන මිටියාවතෙහි කැලඹීමේද පාගාදැමීමේද වියවුලේද දවසක්ය; පවුරු බිඳ දැමීමක් හා කඳුවලට මොරගැසීමක්දවේ.


මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.


නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.


නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?


ස්වාමීන්වහන්සේගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, නැමී යටත්වෙන්න.


ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.


ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?


අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.


තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.


නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.


ඔව්හු පොළොව දෙසත් බලන්නෝය, එහි විපතද අන්ධකාරයද ශෝකයේ අඳුරද තිබේ;


ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.


බලව, දේශය පාළුකර එහි සිටින පව්කාරයන් එයින් නැතිකර දමන පිණිස ස්වාමීන්වහන්සේගේ දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්