දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.
ගීතාවලිය 99:1 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා. Sinhala New Revised Version සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය. Sinhala New Revised Version 2018 සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය. |
දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.
පොළෝවාසී සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලමින් සිටිව්. නොසෙල්වෙන ලෙස ලෝකයත් ස්ථිරව තිබේ.
උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.
බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.
ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති; අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති. පොළොවේ අත්තිවාරම් සියල්ල සෙලවේ.
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.
ස්වාමීන්වහන්සේ රජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්.
ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.
මම එහිදී නුඹට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් නුඹ ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන නුඹ සමඟ කථාකරන්නෙමි.
ස්වාමීන්වහන්සේ එහි මැද විකල් ආත්මයක් ආරූඪ කළසේක. ඔව්හුද බේබද්දෙක් තමාගේ වමනයකිරීමේදී මුළාවෙන්නාක්මෙන් මිසරවරුන් ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී මුළාකෙරෙවුවෝය.
මට නුඹලා භයවන්නේ නැද්ද? මා ඉදිරියෙහි වෙවුලන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම වනාහි සදාකාල නියෝගයක් කොට මුහුදේ මායිම් පිණිස වැලි තැබුවාවූ තැනන්වහන්සේය, ඒකද එය පසුකර නොඑන්නේය. එහි රැළ ගසන නුමුත් එය ඉක්මවා යන්ට පුළුවන්වෙන්නේ නැත; ඒවා ඝෝෂාකරන නුමුත් එය පසුකර යන්ට නොහැකිය.
උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය,මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයත්ය, මම මෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි. ඉශ්‍රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන් වැනි ඔවුන්ගේ උසස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය;
එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය.
එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;
සිටින්නාවූ, සිටියාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම්කළ බැවින් අපි ඔබට ස්තුතිකරමුව.
තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.
අකුලනලද පොතක් මෙන් අහස පහකරනලද්දේය; සියලු කඳුද දිවයින්ද ස්වකීය ස්ථානවලින් පහකරන ලද්දේය.