Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 82 - Sinhala Revised Old Version


අධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ට තරවටුවක්

1 දෙවියන්වහන්සේ දේව සභාවෙහි නැගිට සිටිනසේක; උන්වහන්සේ දෙවිවරුන් අතරේ විනිශ්චයකරනසේක.

2 නුඹලා කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චයකරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?

3 දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්.

4 දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්.

5 ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති; අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති. පොළොවේ අත්තිවාරම් සියල්ල සෙලවේ.

6 නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කීයෙමි.

7 එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය, අධිපතීන්ගෙන් එක්කෙනෙකු මෙන් වැටෙන්නහුය.

8 දෙවියන්වහන්ස, නැගිට පොළොව විනිශ්චයකළ මැනව. මක්නිසාද ඔබ සියලු ජාතීන් හිමිකර ගන්නාසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්