Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 6:2 - Sinhala Revised Old Version

2 දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 6:2
15 හුවමාරු යොමු  

ඒ හැටියට සෙනඟ ෂීලෝට මිනිසුන් යවා කෙරුබ් පිට වැඩහිඳින, සේනාවල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන්වා ගත්තෝය. හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා එහි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් සමඟ සිටියෝය.


බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.


කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.


ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.


කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.


අපේ මිදුම්කාරයා නම් සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්ද රබ්බාද යන දෙනුවර සහ ඒවායේ ගම්ය.


උන්වහන්සේ කෙරුබයෙකු පිට නැගී පියාසරකළසේක. එසේය, උන්වහන්සේ හුළඟ නැමැති පියාපත් පිට පෙනුණුසේක.


ඔව්හු: පිලිස්තිවරුන් විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය නැවත ගෙනැවිත් තිබේ; නුඹලා ඇවිත් ඒක අරගන යන්නැයි කිරියත්-යෙයාරීම් වැසියන්ට පණිවිඩකාරයන් අත කියා යැවුවෝය.


ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්