Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 25:22 - Sinhala Revised Old Version

22 මම එහිදී නුඹට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් නුඹ ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන නුඹ සමඟ කථාකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 25:22
24 හුවමාරු යොමු  

මෝසෙස් උන්වහන්සේ සමඟ කථාකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල, සාක්ෂි පෙට්ටිය පිට තිබුණු කරුණාසනය උඩ සිට කෙරුබ්වරුන් දෙදෙනාට අතරෙන් තමාට කථාකරන හඬ ඔහුට ඇසුණේය. ඔහුද උන්වහන්සේට කථාකළේය.


කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ, ඔබ පමණක්ම, දෙවියන්වහන්සේය; අහසත් පොළොවත් මැවුවේ ඔබවහන්සේය.


බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකරමින්: කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම, ඔබ පමණක්ම දෙවියන්වහන්සේය; ඔබ අහසත් පොළොවත් මැවූසේක.


ඒ හැටියට සෙනඟ ෂීලෝට මිනිසුන් යවා කෙරුබ් පිට වැඩහිඳින, සේනාවල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන්වා ගත්තෝය. හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා එහි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් සමඟ සිටියෝය.


නුඹ ඒවා සම්මුඛවීමේ කූඩාරමෙහි මා නුඹලාට සම්බවෙන ස්ථානයෙහි සාක්ෂි පෙට්ටිය ඉදිරිපිට තබන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.


ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.


දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.


ඉන් කොටසක් සුණුකොට එයින් මා නුඹට සම්මුඛවෙන තැනවූ සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂිය ඉදිරියෙහි තබන්න. එය නුඹලාට ඉතා ශුද්ධ වන්නේය.


සාක්ෂි පෙට්ටිය ළඟ තිබෙන තිරය ඉදිරිපිට එනම් සාක්ෂිය පිට තිබෙන කරුණාසනය ඉස්සරහින් ඒක තබන්න, එහිදී මම නුඹට සම්මුඛ වන්නෙමි.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවතත් යුද්ධයට යා යුතුද නැතහොත් නවතින්ටදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.


ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:


උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.


තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් නුඹට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.


පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.


සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.


කෙරුබ්වරුන් අතරේ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය යූදාට අයිති බාලා නම්වූ කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන පිණිස දාවිත් සහ සියලු ඉශ්‍රායෙල්වරුද එහි ගියෝය.


එප්‍රායිම්ද බෙන්යමින්ද මනස්සේද ඉදිරියෙහි ඔබගේ බලය පාමින්, අප ගළවන පිණිස වැඩිය මැනව.


කෙනෙක් ගෘහයේ සිට මට කථාකරනවා මට ඇසුණේය; මනුෂ්‍යයෙක්ද මා ළඟ සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්