නුඹ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ නුඹට උත්තර දෙනවා ඇත; නුඹද නුඹේ භාර ඉෂ්ටකරනවා ඇත.
ගීතාවලිය 50:14 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට නුඹේ භාර ඉෂ්ට කරව. Sinhala New Revised Version දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න. Sinhala New Revised Version 2018 දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න. |
නුඹ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ නුඹට උත්තර දෙනවා ඇත; නුඹද නුඹේ භාර ඉෂ්ටකරනවා ඇත.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය. උන්වහන්සේට භයවෙන්නන් ඉදිරියේ මාගේ භාර ඉෂ්ටකරන්නෙමි.
යටහත් සිත් ඇත්තෝ අනුභවකොට තෘප්තියට පැමිණෙන්නාහුය. ස්වාමීන් සොයන්නෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නාහුය. නුඹලාගේ සිත සදාකල් ජීවත්වේවා.
දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.
ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.
නුඹලා වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජාකරන්නාක්මෙන් ඔප්පු කරන්නෙමුව.
අන්න, ශුභාරංචි දන්වන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ අයගේ පාද කඳු පිට එති! එම්බා යූදා, නුඹේ මංගල්‍යවල් පවත්වා නුඹේ බාරවල් ඉෂ්ටකරන්න. මක්නිසාද දුෂ්ටයා නුඹ මැදින් තවත් නොඑන්නේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලැබීය.
කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ බාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාදනොවෙන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹෙන් අයකරනවාම ඇත; ඒක නුඹට පාපයක් වේ.
නුඹේ තොල්වලින් පිටත්වුණු දෙය පවත්වමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් ගිවිසුම් කළාවූ නුඹේ කටින් පොරොන්දුවුණාවූ ස්වෙච්ඡා පූජාව ඉෂ්ටකරන්න.
නුඹේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි නුඹ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල නුඹට කන්ට පුළුවන; නුමුත් නුඹේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.
සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.
නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.