Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 23:24 - Sinhala Revised Old Version

24 නුඹේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි නුඹ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල නුඹට කන්ට පුළුවන; නුමුත් නුඹේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 “ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 “ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 23:24
10 හුවමාරු යොමු  

නොඅදහන්නන්ගෙන් යමෙක් නුඹලා කෑමට කැඳෙවු කල නුඹලා යන්ට කැමති නම්,


ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.


නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.


නුඹේ තොල්වලින් පිටත්වුණු දෙය පවත්වමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් ගිවිසුම් කළාවූ නුඹේ කටින් පොරොන්දුවුණාවූ ස්වෙච්ඡා පූජාව ඉෂ්ටකරන්න.


නුඹේ අසල්වාසියාගේ ගොයමට ආ කල්හි නුඹේ අතින් කරල් කඩාගන්ට පුළුවන; නුමුත් නුඹේ අසල්වාසියාගේ ගොයමට දෑකැත්තක් නොපොවන්න.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මනුෂ්‍යයෙක් භාරයක් ඉෂ්ටකරන කල භාරයට ඇතුළත් අයවල් නුඹ නියමකරන ගණනේ හැටියට ස්වාමීන්වහන්සේට අයිති වන්නෝය.


සභාවේ අධිපතීන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුරුම්දී තිබුණු නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට පහර නුදුන්නෝය. මුළු සභාව අධිපතීන්ට විරුද්ධව කොඳුළෝය.


දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට නුඹේ භාර ඉෂ්ට කරව.


මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට ඇතුල්වෙන්නෙමි, මාගේ විපත්තියේදී මාගේ තොල්වලින් කීවාවූ,


මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්