දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.
ගීතාවලිය 33:2 - Sinhala Revised Old Version වීණාවෙන් ස්වාමීන්ට ස්තුතිකරව්. තත් දසයේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියව්. Sinhala New Revised Version වීණාව වයා හිමි තුමන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමන්ට පැසසුම් ගීත ගයන්න. Sinhala New Revised Version 2018 වීණාව වයා හිමිතුමාණන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමාණන්ට පැසසුම් ගීත ගයන්න. |
දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.
තවද දාවිත් කුඩා වීණාද මහ වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවලින් ගායනාකරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමුන්ගේ සහෝදරයන්වූ ගීතිකාකාරයන් නියමකරන්ට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය.
මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.
යෙදූතුන්ගේ පුත්‍රයෝ වූ ගෙදලියාද ශෙරීද යෙෂායාද හෂබියාද මත්තිතියාද යන හදෙනාය. මොව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට මහ වීණාවෙන් ගායනාකළ තමුන්ගේ පියවූ යෙදූතුන් යටතේ සිටියෝය.
මේ සියල්ලෝ දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවය පිණිස අත්තල්වලින්ද කුඩා වීණාවලින්ද මහ වීණාවලින්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගායනාකිරීමට තමුන්ගේ පියා යටතේ සිටියෝය; ආසාප්ද යෙදූතුන්ද හේමාන්ද රජු යටතේ සිටියෝය.
දෙවියන්වහන්ස, ඔබට අලුත් ගීයක් ගායනාකරන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.
මාගේ දෙවියන්වහන්ස, ඔබ, එනම් ඔබගේ සැබෑකම, කුඩා වීණාවෙන් වර්ණනාකරන්නෙමි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්ස, මහ වීණාවෙන් ඔබට ගායනාකරන්නෙමි.
මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.
එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.
බොහෝ ජල ඝෝෂාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද ස්වර්ගයෙන් ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුණු ශබ්දය වනාහි තමුන්ගේ වීණාවලින් ගායනා කරන ගායනාකරන්නන්ගේ ශබ්දය මෙන්ය.
එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය.