Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 25:3 - Sinhala Revised Old Version

3 යෙදූතුන්ගේ පුත්‍රයෝ වූ ගෙදලියාද ශෙරීද යෙෂායාද හෂබියාද මත්තිතියාද යන හදෙනාය. මොව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට මහ වීණාවෙන් ගායනාකළ තමුන්ගේ පියවූ යෙදූතුන් යටතේ සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ජෙදුතුන්ගේ පුත්‍රයන් වූ ගෙදලියා ද ශෙරී ද ජෙෂායා ද හෂබියා ද මත්තිතියා ද ඇතුළු හයදෙනා ය. මොවුහු මහා වීණා නාද කර සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ද, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් ද ජෙදුතුන් යටතේ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ජෙදුතුන්ගේ පුත්‍රයන් වූ ගෙදලියා ද ශෙරී ද ජෙෂායා ද හෂබියා ද මත්තිතියා ද ඇතුළු හයදෙනා ය. මොවුහු මහා වීණා නාද කර සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ද, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් ද ජෙදුතුන් යටතේ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 25:3
11 හුවමාරු යොමු  

නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක


ස්වාමීන්ට ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත.


හේමාන්ගේ පුත්‍රයන්ගෙන් යෙහූවෙල්ද ෂිමෙයිද; යෙදූතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායාද උස්සීයෙල්ද යන ලෙවීවරු නැගිට,


දහහතරවෙනි එක මත්තිතියාද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය.


මත්තිතියාද එලීපෙලේ හුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද අසසියාද ෂෙමීනිත් නම් මහ වීණාවලින් මූලික මහ ශබ්ද පැවැත්වීමටත් නියමවුණෝය.


ඔවුන් සමඟ දොරටුපාලයන් කොට තමුන්ගේ බාල සහෝදරයන් වන සෙකරියාද බෙන්ද යයසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිදි එලියාබ්ද බෙනායාද මයසේයාද මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද පත්කළෝය.


යෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත්‍රවූ ෂෙමයියාගේ පුත්‍රයා වන ඔබදියාය, නෙටොපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත්‍රවූ බෙරෙකියාය දොරටුපාලයෝවූ ෂල්ලුම්,


ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සක්කූර්ද යෝසෙප්ද නෙතනියාද අෂරේලාද යන ආසාප්ගේ පුත්‍රයෝය; මොව්හු රජුගේ අණ ලෙස ධර්මවාක්‍ය ගායනාකළාවූ ආසාප් යටතේ සිටියෝය.


හේමාන්ගේ පුත්‍රයෝවූ බුක්කියා, මත්තනියා, උස්සීයෙල්, ෂෙබූයෙල්, යෙරීමොත් හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්තී-එසෙර්, යොෂ්බෙකාෂා, මල්ලෝතී, හෝතීර් සහ මහසියොත්ය.


ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්