Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 15:20 - Sinhala Revised Old Version

20 එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 15:20
33 හුවමාරු යොමු  

රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.


තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්‍රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය.


රබන් ගසන කන්‍යාවන් මැද ගී කියන්නෝ පෙරටුව ගියෝය, ගායනාකාරයෝ පසුව ගියෝය.


යෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන කොට ඔහුගේ දුව රබන්ද නැටුම්ද ඇතුව ඔහුගේ පෙරමගට ආවාය. ඈ වනාහි ඔහුගේ එකම දරුවාය. ඈ හැර ඔහුට පුතෙක්වත් දුවෙක්වත් නොවීය.


අම්රාම්ගේ භාර්යාවගේ නම යොකෙබෙද්ය, ඈ මිසරයේදී ලෙවීට දාව උපන්නාවූ ඔහුගේ දුවක්ය. ඈ අම්රාම් නිසා ආරොන්ද මෝසෙස්ද ඔවුන්ගේ සහෝදරීවූ මිරියාම්ද බිහිකළාය.


මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.


ඒ කාලයෙහි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය.


තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය,


ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.


එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය.


ඔහුගේ සහෝදරී ඔහුට කුමක් වන්නේදැයි දැනගන්නා පිණිස දුරින් බලා සිටියාය.


ප්‍රොපේතවාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.


ස්වාමීන්වහන්සේ වචනය දෙනසේක. ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය.


ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.


දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.


ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය.


ෂිලෝහි දූවරුන් නටන්ට පිටතට ආවොත් නුඹලා මිදිවතුවලින් නික්ම ඇවිත් එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක් අල්ලාගන බෙන්යමින් රටට යන්න.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය.


නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය.


තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.


දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.


ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත; ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා.


මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කථාකළෝය. මක්නිසාද ඔහු කුෂ් ස්ත්‍රියෙක් සරණපාවාගෙන සිටියේය.


මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා,


පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.


අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මිරියාම්ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසාර් සහ ඊතාමාර්ය.


තවද දාවිත් කුඩා වීණාද මහ වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවලින් ගායනාකරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමුන්ගේ සහෝදරයන්වූ ගීතිකාකාරයන් නියමකරන්ට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය.


අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;


එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.


ඔව්හුද: ස්වාමීන්වහන්සේ කථාකෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? උන්වහන්සේ අප ලවාත් කථානොකෙරෙවුසේක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේ ඒක ඇසූසේක.


මාගේ දෙවියන්වහන්ස, ටෝබියාද සන්බලාට්ද කළ මේ ක්‍රියාවල හැටියට, ඔවුන් සහ ප්‍රොපේතවරිය වූ නෝවදියාද මා භයගන්වන්ට උත්සාහකළ අනික් ප්‍රොපේතවරුන්ද සිහිකළ මැනව.


ඉශ්‍රායෙල්ගේ උල්පතෙන්වූ තැනැත්තෙනි, දෙවියන්වහන්සේට, එසේය, ස්වාමීන්වහන්සේට සභාවලදී ප්‍රශංසාකරව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්