ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.
ගීතාවලිය 27:5 - Sinhala Revised Old Version මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක. Sinhala New Revised Version විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක. Sinhala New Revised Version 2018 විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක. |
ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.
මම විපත්ති මැද හැසිරෙම් නුමුත් ඔබ මා ප්‍රාණවත්කරනසේක; ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධව ඔබගේ හස්තයද දිගුකරනසේක, ඔබගේ දකුණු හස්තයද මා ගළවන්නේය.
මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.
ස්වාමීන්ට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ශක්තිමත් නුවරල්කදී තමන් පුදුමවූ කරුණා ගුණය මට පෙන්වූසේක.
උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.
උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,
දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව.
දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය.
ඔව්හු ඔබගේ සෙනඟට විරුද්ධව ප්‍රයෝග උපා යොදති, ඔබගේ සඟවනලද්දවුන්ට විරුද්ධව මන්ත්‍රණයකෙරෙති,
ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.
මාගේ සෙනඟ එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න.
මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.
අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.
මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.