සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.
ගීතාවලිය 20:7 - Sinhala Revised Old Version සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව. Sinhala New Revised Version සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු. Sinhala New Revised Version 2018 සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු. |
සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.
අසරුවන් එක්දාස් සත්සියයක්ද පාබළ සෙනඟ විසිදාහක්ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතුරුකරගන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කැපුවේය.
එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ යූදාවරුන් ඉදිරියෙන් පලාගියෝය. දෙවියන්වහන්සේ ඔවුන් යූදා අතට පාවාදුන්සේක.
ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.
ඔහු සමඟ ඇත්තේ මාංසමය හස්තයක්ය; නුමුත් අපට පිහිටවී අපේ යුද්ධයන් කරන පිණිස අප සමඟ සිටින්නේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීවේය. සෙනඟ යූදාහි රජවූ හෙසකියාගේ වචන කෙරෙහි විශ්වාසය තැබූහ.
ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.
මම ඔබගේ නාමය සියලු පරම්පරාවන්හි සිහිකරවන්නෙමි. එබැවින් මනුෂ්‍ය වර්ගයෝ සදාකල්හිම ඔබට ස්තුතිකරන්නෝය.
එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.
පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.
ස්වාමීන්වහන්සේ සමඟ විවාදකරන්නෝ කැබෙලිකරනු ලබන්නෝය; උන්වහන්සේ අහසෙහි සිට ඔවුන්ට විරුද්ධව ගර්ජනාකරනසේක. ස්වාමීන්වහන්සේ පොළොවේ අන්තයන් විනිශ්චයකරනසේක; උන්වහන්සේ තමන් රජුට බලය දෙනසේක, ස්වකීය අභිෂේකලත් තැනැත්තාගේ අඟ උසස්කරනසේකැයි කීවාය.