Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:16 - Sinhala Revised Old Version

16 එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ යූදාවරුන් ඉදිරියෙන් පලාගියෝය. දෙවියන්වහන්සේ ඔවුන් යූදා අතට පාවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට ඉශ්රායෙල්වරු ජුදාවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය. දෙවියන් වහන්සේ ඔවුන් ජුදාවරුන් අතට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට ඉශ්රායෙල්වරු ජුදාවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය. දෙවියන් වහන්සේ ඔවුන් ජුදාවරුන් අතට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:16
10 හුවමාරු යොමු  

කූෂ්වරුන්ද ලූබ්වරුන්ද රථ සහ අසරුවන් මහත් රාශියක් ඇති මහත් සේනාවක්ව සිටියා නොවේද? එහෙත් නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා උන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදුන්සේක.


දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේය. සාවුල්ද: දෙවියන්වහන්සේ ඔහු මා අතට පාවාදුන්සේක; මක්නිසාද ඔහු වාසල් දොරවල්ද අගුල්ද ඇති නුවරකට ඇතුල්වීමෙන් අසුවුණේයයි කීවේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සීහොන් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්‍රායෙල් අතට පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහර දුන්නෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු ඒ දේශවාසීවූ අමෝරිවරුන්ගේ මුළු රට හිමිකරගත්තෝය.


යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය.


ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.


ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්‍රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය.


එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු.


අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.


නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.


අබියාද ඔහුගේ සෙනඟද මහත් මැරීමකින් ඔවුන් මැරුවෝය. තෝරාගත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පන්ලක්ෂයක් මැරුම්කා වැටුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්