Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 17:5 - Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 17:5
16 හුවමාරු යොමු  

තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?


ඔහු සමඟ ඇත්තේ මාංසමය හස්තයක්ය; නුමුත් අපට පිහිටවී අපේ යුද්ධයන් කරන පිණිස අප සමඟ සිටින්නේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීවේය. සෙනඟ යූදාහි රජවූ හෙසකියාගේ වචන කෙරෙහි විශ්වාසය තැබූහ.


බලව, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණු බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බරවුණොත් ඒක ඔහුගේ අතේ ඇනී හිල්වන්නේය. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එයාකාරය.


සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.


මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි.


නුඹලාගෙන් ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.


හොෂෙයා ලවා ස්වාමීන්වහන්සේ කියෙවු කාරණාවල පටන්ගැන්මය. ස්වාමීන්වහන්සේ හොෂෙයාට කථාකොට: නුඹ ගොස් වේශ්‍යා භාර්යාවක්ද වේශ්‍යා දරුවන්ද අරගන්න. මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යාකම්කෙරේයයි කීසේක.


එසේය, සැබෑකම ඇත්තේ නැත; නපුරෙන් පහවන්නාද කොල්ලයක් වන්නේය. ස්වාමීන්වහන්සේ ඒ දැක යුක්තිය නැති බැවින් අප්‍රසන්නවූසේක.


ආසාගේ රජකම්කිරීමේ තිස්නවවෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය; ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමීන්වහන්සේ නොව වෙදුන් සෙවුවේය.


ඔව්හු තමුන්ගේ බලාපොරොත්තුව වන කූෂ් ගැනද තමුන්ගේ පාරට්ටුව වන මිසරය ගැනද කැලඹී ලජ්ජාවට පැමිණෙන්නෝය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මේ ගිවිසුමේ වචනවලට කීකරු නොවන මනුෂ්‍යයාට ශාපවේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්