ගීතාවලිය 142:5 - Sinhala Revised Old Version ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; ඔබ මාගේ රක්ෂාස්ථානයත් ජීවතුන්ගේ දේශයෙහි මාගේ කොටසත්යයි කීයෙමි. Sinhala New Revised Version සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය. Sinhala New Revised Version 2018 සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය. |
මක්නිසාද ඔබ මාගේ ප්‍රාණය මරණයෙන් මිදූසේක. මා ජීවතුන් පිළිබඳ එළියෙහි දෙවියන්වහන්සේ ඉදිරිපිට හැසිරෙන පිණිස ඔබ මාගේ පාද පැකිලීමෙන් නොවැලැක්වූසේක්ද?
මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.
උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.
නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.
මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේයයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.
නුඹලා දැන් විශ්වාසකරවුද? බලව, නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි.
නුමුත් මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්‍රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි.