එවිට රජු මට කථාකර: නුඹට අසනීපයක් නැති කොට නුඹේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය.
ගීතාවලිය 13:2 - Sinhala Revised Old Version කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද? Sinhala New Revised Version සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද? Sinhala New Revised Version 2018 සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද? |
එවිට රජු මට කථාකර: නුඹට අසනීපයක් නැති කොට නුඹේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය.
එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.
මා දුෂ්ටයෙක්නම් මට දුක්වේ; මා ධර්මිෂ්ඨවුවත්, ලජ්ජාවෙන් පිරී, මාගේ පීඩාව දෙස බලමින්, මාගේ හිස නොඔසවා ඉන්නෙමි.
පියා නැත්තා සහ පීඩා විඳින්නා විනිශ්චයකරන්ට, ඔබ ඔවුන්ගේ සිත් සූදානම්කරනසේක, ඔබ කන්දී අසනසේක.
මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ වේදනා මා අල්වාගත්තේය. විපත හා දුක මට පැමුණුණේය.
ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා.
මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි.
දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද? සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?
සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.
සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය; ඒවා ගැන සිහිවීම පවා නැතිවිය.
මාගේ වේදනාව නිතරම තිබෙන්නෙත් මාගේ තුවාලය අසාධ්‍යව තිබෙන්නෙත් මක්නිසාද? ඒක සුවවෙන්නේම නැත. සැබවින්ම ඔබ මට වතුර සිදීයන අවිශ්වාස ඔයක් මෙන් සිටිනසේක්ද?
අහෝ මට දැන් දුක්වේ! ස්වාමීන්වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතුකළසේක; මාගේ සුසුම් ලෑමෙන් වෙහෙසව සිටිමි, සහනයක් මට ලැබී නැතැයි නුඹ කීයෙහිය.
ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.
ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය; ඈට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව; මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය.
එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක.
දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිඟුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක.
එසේය, මරණාසන්නවෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කරුණාකළසේක; ඔහුට පමණක් නොව සෝකය පිට සෝකය මට නොපැමිණෙන පිණිස මටත් කරුණාකළසේක.
ඉන්නිසා සාවුල් තව වඩාත් දාවිත්ට භයවුණේය; සාවුල් නිරන්තරයෙන්ම දාවිත්ට සතුරුව සිටියේය.
මනුෂ්‍යයෙකුට තමාගේ සතුරා අසුවුණොත් ඔහු සුවසේ යන්ට හරීද? එබැවින් නුඹ අද දවසේ මට කළ කාරණය ගැණ ස්වාමීන්වහන්සේ නුඹට යහපත් විපාකයක් දෙනසේක්වා.