Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 5:20 - Sinhala Revised Old Version

20 ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද? කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද? කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 5:20
15 හුවමාරු යොමු  

කුමක්හෙයින් ඔබගේ මුහුණ සඟවමින්, අපේ විපත්තිය සහ පීඩාව සිහිනැති කරනසේක්ද?


ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද?


ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙනේද?


ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වනසේක්ද?


ස්වාමිනි, කොපමණ කල් ඔබ නිරන්තරයෙන් උදහස්ව සිටිනසේක්ද? ඔබගේ ජ්වලිතය ගින්න මෙන් දැවෙන්නේද?


දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?


එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,


කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද?


මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.


නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය.


ඔබ ත්‍රස්තවී සිටින මනුෂ්‍යයෙකු මෙන්ද ගළවන්ට බැරි බලවන්තයෙකු මෙන්ද සිටින්නෙක් මක්නිසාද? එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ අප මධ්‍යයෙහි සිටිනසේක, ඔබගේ නාමයත් අප කෙරෙහි තබා තිබේ; අප අත්නෑරිය මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්