ගීතාවලිය 13 - Sinhala New Revised Versionදාවිත්ගේ ගීතයකි.සමිඳුන් වෙත යැදුම 1 සමිඳුනි, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද? 2 සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද? 3 දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න. 4 එවිට නොහැක, මාගේ සතුරාට, “ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට. 5 ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්‍රීති වන්නෙමි. 6 සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි. |
Ceylon Bible Society
Ceylon Bible Society