Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 7:6 - Sinhala Revised Old Version

6 එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එස්තර් පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා නම්, එදිරිකාරයෙකු ද සතුරෙකු ද වන මේ දුෂ්ට හාමාන් ය”යි කීවා ය. එවිට රජු ද රැජින ද අබිමුවෙහි හාමාන් භීතියට පත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 7:6
18 හුවමාරු යොමු  

එවිට නොපනත්කම් කරන්නා එළිදරව්වන්නේය. ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්වහන්සේගේ ඊමේ ප්‍රකාශවීමෙන් නාස්තිකරනසේක.


එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරන්න.


රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය; එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.


නපුරුකම්කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංසය කන පිණිස මට විරුද්ධව ආ කල පැකිල වැටුණෝය.


රජ තමාගේ අතින් මුදුව ගළවා යුදෙව්වරුන්ගේ සතුරාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ට දී ඔහුට කථාකොට:


අපේ සියලු සතුරන් ඒ බව ඇසූකල අප අවට සිටි සියලු ජාතීහු භයවූහ, ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩුවුණේය. මක්නිසාද මේ වැඩ ඉෂ්ටවුණේ අපේ දෙවියන්වහන්සේ කරණකොටගෙන බව ඔවුන්ට පෙනුණේය.


පුරාතනයන්ගේ උපදේශ කීම ලෙස: දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙන්නේය. නුමුත් මාගේ අත ඔබ පිටට නොපැමිණෙන්නේය.


මාගේ සිත තිගැස්සිවන්නේය, භයංකරය මා භයගැන්නෙවුවේය. මා ආශාවූ සැන්දෑ කාලය මට වෙවුලුම වී තිබේ.


දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.


එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැයි ඇසීය.


ඒ දවසේදී අහෂ්වේරොෂ් රජ යුදෙව්වරුන්ගේ සතුරාවූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසවට දුන්නේය. තවද මොර්දෙකයි රජු ඉදිරියට පැමුණුණේය; මක්නිසාද එස්තර් විසින් ඇයට ඔහු ඇති නෑකම රජුට දන්වා තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්