Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 17:9 - Sinhala Revised Old Version

9 ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 17:9
8 හුවමාරු යොමු  

මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.


මාගේ ප්‍රාණය සොයන්නෝ ලජ්ජාවී අගෞරවයට පැමිණෙත්වා. මට අන්තරාය යොදන්නෝ පස්සට හරවනු ලැබ වියවුල්වෙත්වා.


මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.


මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.


සතුරා මාගේ ආත්මය ලුහුබැඳ අල්වා අසුකර ගනීවා; එසේය, ඔහු මාගේ ප්‍රාණය බිමදමා, පාගා, මාගේ ගෞරවය ධූලියෙහි හෙළාවා.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකොට මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියමකොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද මුලදී සිදුවූවාක් මෙන්ද,


තවද මාගේ පියාණෙනි, බැලුව මැනවි, ඔබගේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනවි. මා ඔබ නොමරා ඔබගේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක්වත් අපරාධයක්වත් නැති බවද මා ඔබට විරුද්ධව පව් නොකළ බවද බලා දැනගතමැනවි, එහෙත් මාගේ ප්‍රාණය නසන්ට ඔබ මා පස්සේ එළවාගන එන්නෙහිය.


සාවුල් කන්දේ එක පැත්තකින්ද දාවිත් හා ඔහුගේ මිනිස්සු කන්දේ අනික් පැත්තෙන්ද ගියෝය. සාවුල් සහ ඔහුගේ මිනිසුන් දාවිත් සහ ඔහුගේ මිනිසුන් අල්ලාගන්න පිණිස වටකළ නිසා දාවිත් සාවුල්ට භයෙන් ගැළවීයන්ට ඉක්මන්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්