Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 45:3 - Sinhala Revised Old Version

3 අහෝ මට දැන් දුක්වේ! ස්වාමීන්වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතුකළසේක; මාගේ සුසුම් ලෑමෙන් වෙහෙසව සිටිමි, සහනයක් මට ලැබී නැතැයි නුඹ කීයෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “ ‘අහෝ මට වන විපතක මහත! සමිඳාණන් වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතු කළ සේක. මම මාගේ සුසුම්ලෑමෙන් වෙහෙස ව සිටිමි. සහනයක් මට ලැබී නැතැ’යි නුඹ කීයෙහි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “ ‘අහෝ මට වන විපතක මහත! සමිඳාණන් වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතු කළ සේක. මම මාගේ සුසුම්ලෑමෙන් වෙහෙස ව සිටිමි. සහනයක් මට ලැබී නැතැ’යි නුඹ කීයෙහි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 45:3
28 හුවමාරු යොමු  

තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.


එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.


ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.


නුමුත්, සහෝදරයෙනි, නුඹලා යහපත කිරීමට මැළි නොවෙන්න.


උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.


ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේවා; මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක්මෙන් ඔවුන්ටත් කළ මැනව. මක්නිසාද මාගේ සුසුම්ලෑම් බොහෝය, මාගේ සිතද ක්ලාන්තව තිබේ.


උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක.


අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි!


අහෝ මාගේ දුක සනසාගන්ට බැරි තරම්ය! මාගේ සිත මා තුළ ක්ලාන්තවී තිබේ.


නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.


අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.


මාගේ මොරගැසීමෙන් වෙහෙසව සිටිමි; මාගේ උගුර වියළී තිබේ. මාගේ දෙවියන්වහන්සේ ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.


ඔබගේ ජලධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬගසයි. ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසාගත්තෝය.


ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන්ගේ යහපත්කම දකින්ට ලැබේයයි නොඇදහුවෙම් නම් කොපමණ අසරණද?


මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.


අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය; මට වැදී තිබෙන පහර මාගේ කෙඳිරිගෑමට වඩා බරය.


එම්බා බාරුක්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට මෙසේ කියනසේක:


මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්