Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 15:18 - Sinhala Revised Old Version

18 මාගේ වේදනාව නිතරම තිබෙන්නෙත් මාගේ තුවාලය අසාධ්‍යව තිබෙන්නෙත් මක්නිසාද? ඒක සුවවෙන්නේම නැත. සැබවින්ම ඔබ මට වතුර සිදීයන අවිශ්වාස ඔයක් මෙන් සිටිනසේක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 15:18
15 හුවමාරු යොමු  

නුඹේ තුවාලය නිසා නුඹ කෑගසන්නේ මක්නිසාද? නුඹේ වේදනාව අසාධ්‍යව තිබේ. නුඹේ අපරාධයේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද මේ දේවල් නුඹට කෙළෙමි.


යුක්තිය මා කෙරෙහි තිබෙන නුමුත් මම බොරුකාරයෙකැයි ගණන්ගනු ලබමි, මා අත අපරාධයක් නැති නුමුත් මාගේ තුවාලය අසාධ්‍යයයි කීවේය.


මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ තුවාලය අසාධ්‍යව නුඹේ පහර ඉතා තදව තිබේ.


අහෝ ස්වාමීන්වහන්ස, ඔබ මා පෙළඹූවූසේක, මම පෙළඹුනෙමි. ඔබ මට වඩා බලවත්ව ජයගත්සේක. මම සෑමදාම කවටකමක්ව සිටිමි, සියල්ලෝම මට කවටකම්කරති.


ඔබ යූදා මුළුමනින්ම එපාකළසේක්ද? සියොන් ඔබගේ ආත්මයට පිළිකුලක්වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ අපට පහරදුන්නේ මක්නිසාද? අපි සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ.


ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.


මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද?


එබැවින් නුඹ මෝරෙෂත්-ගාත්ට අත්ඇරීම් පත්‍රයක් දෙනවා ඇත. අක්සීබ් වංශ ඉශ්‍රායෙල් රජුන්ට රැවටිල්ලක් වන්නේය.


වැවකින් වතුර අඩුවෙන්නාක්මෙන්ද ගංගාවක් හිඳී වියළීයන්නාක්මෙන්ද


දුකත් ශෝකයත් දැකීමටද මාගේ දවස් ලජ්ජාවෙන් පසුවෙන්ටද මා කුසෙන් නික්ම ආවේ මක්නිසාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්